• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සරසවි ප්‍රවේශ කඩයිම් ලකුණු ප්‍රමාද නොකර ප්‍රකාශයට පත්කරන ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි

11 October 2020
in දේශීය

2019 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගැනීමේ කඩයිම් ලකුණු සීමා තවමත් ප්‍රකාශයට පත්කර නොමැති අතර එය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ‍ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2019 අගෝස්තු මස පැවැත්වූ උසස්පෙළ විභාගය අවසන්ව මාස 13කට අධික කාලයක් ගතව ඇතත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තමන් සුදුසුකම් ලබා ඇත්ද යන්න තහවුරු වීමක් නොමැති නිසා අද වන විට එම සිසුන් මහත් පීඩාවකට පත්ව ඇති බවයි.

එසේම 2020 උසස්පෙළ සඳහා දැනටමත් දින නියමවී ඇති තත්වයක් තුල නැවත විභාගයට පෙනීසිටිනවාද නැද්ද යන්න පිළිබඳ තෝරාගත නොහැකි තත්වයකට සිසුන් පත්ව ඇත.
උසස්පෙළ විභාගය මාස කිහිපයකට පසුපසට ගිය තත්වයක් තුල හෝ ඊට පෙර කඩයිම් ලකුණු ඉදිරිපත් කිරීමට නොහැකිවීම පිළිබඳව අධ්‍යාපන බළධාරීන් වගකිවයුතුය.

මෙලෙසම මතුවී ඇති තවත් ගැටලුවක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට දෙවනුව ඇති, එනම් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන සිසුන් ඇතුලත් විය හැකි පාඨමාලා සඳහා ඇතුලත්කරගැනීම් සම්බන්ධව මේ වනවිටත් කටයුතු ආරම්භ වී තිබීමයි.

උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) , ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) ආදී පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම් දැනටමත් ආරම්භකර ඇති අතර මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමෙන් පසු තමන් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව දැනගැනීමට හැකි වුවද, එම ලියාපදිංචිය අවලංගු කර සරසවියට ප්‍රවේශ විය නොහැකි බවට නීතීමය ප්‍රතිපාදන පවතින බැවින් සිය තෝරාගැනීම කුමක් විය යුතුද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගත නොහැකිව සිසුන් අසරණභාවයට පත්ව ඇති බව සමාජවාදි ශිෂ්‍ය සංගමය පවසයි.

මෙම සම්බන්ධව ඉක්මන් අවධානය යොමුකර විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු කඩිනමින් නිකුත්කිරීමට පියවර ගන්නා ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට අවධාරණය කර සිටි.

 

Post Views: 5
Previous Post

මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

Next Post

නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම් -සෞඛ්‍ය ඇමැතිනි

editor

editor

Next Post

නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම් -සෞඛ්‍ය ඇමැතිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved