27 April 2024
#දේශීය

නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම් -සෞඛ්‍ය ඇමැතිනි

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය ත්ත්තවය ආරක්ෂා කිරිම සදහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙන අතර ඒ අනුව රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට තමා විසින් තව දින දෙකක් ඇතුලත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය.

මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළදින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයට බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළාය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *