‘රට හදන තරුණ ජවය’ තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය (SYU) සංවිධානය කරන Youth Summit වැඩසටහන් මාලාව 2026 මැයි මස 16 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය. දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන් මාලාවේ දෙවැන්න මැයි මස 17 වන දින හම්බන්තොටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර අදට (14) වසර 61ක් සපිරෙන බවයි. රටේ පවතින ජනතාවාදී පාලනය ශක්තිමත් කිරීමටත්, නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සහකම්පනයක් සහිත තරුණ පරපුරක් බිහි කිරීමටත් මෙම Youth Summit වැඩසටහන ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ නිලධාරීන් වන මල්ෂි අමාශා, අංජන අමරසිංහ සහ මහේෂ් අඹේපිටිය යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.














