27 April 2024
#සංවර්ධන

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවා තිඛෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමය වන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ගොවි පවුල් තුන්දහසක් තෝරා ගනිමින්, අක්කර තුන්දහසක සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රම හදුන්වාදීම සශ්‍ය ශක්ති ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කෙරේ.

ලොකු ලුනු සහ මිරිස් වගාව සදහා නව තාක්ෂණය හා දැනුම ලබාදෙමින් ගොවින්ගේ හා රටේ ආර්ථීක සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ විචල්‍ය වූ දේශගුණික රටාව නිසා ඇතිවන නියගයට මුහුණදීමත්, විදුලිබලය හා ඉන්ධන භාවිතය අවම කර ගැනීමත් මෙහි ප්‍රමුඛ අරමුණු වෙයි.

ග්‍රාම ශක්ති ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ මහජන බැංකුව එක්ව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විෙජ්රත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දක්වන පෞද්ගලික සමාගම් කිහිපයක ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *