27 April 2024
#දේශීය

එකට එක්වී නැවත හොරකම් කරන්න සමහරු අඬ අඬා ආරාධනා කරනවා – විපක්ෂ නායක සජිත්

වෙනදට වෙන් වෙන් වශයෙන් රට කෑ කණ්ඩායම් දැන් එකට එක්වී රට කන්න ඒ ඒ අයට ආරාධනා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ මහියංගනය ආසන බලමණ්ඩලය අමතමිනි.

වෙන් වෙන්ව කළ හොරකම්,වෙන් වෙන්ව කළ මගඩි,වෙන් වෙන්ව කළ රට බංකොලොත් කිරීම දැන් එකට එක්වී කරන්නට ඔවුනොවුන් සැරසෙන බව හෙතෙම පැවසිය.

මේ රට විනාශ කොට ජන ජීවිත පීඩාවෙන් පීඩාවට පත්කළ කල්ලියට නැවත මේ රටේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ඉඩ ලබා දෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා,මේ රටේ ජනතාවද ඒ හොරුන්ව නැවත බලයට ගෙන ඒමට සූදානම් නැතැයි පැවසීය.

දැන් නැවතත් ඩීල්කාරී හොර කණ්ඩායමක් එකට එක්වී නැගිටින්න සුදානම් වී සිටින බව පැවසූ ඒ මහතා ඒ සඳහා එක්වන ලෙස පුද්ගලයෙක් හඬා වැලපෙමින් ඉල්ලා සිටින බවද පැවසීය.

හැබැයි එහෙම අඬන ඔහුට මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අදත් හඬ හඬා ජීවත්වන බව නොතේරෙන බව ද  විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන්ට කිරි පිටි ටිකක් දීගත නොහැකිව අම්මාවරුන් හඬන බවත්,පොහොර නැති කමින් ගොවි ජනතාව හදන බවත්,අනාගතයක් නොමැතිව තරුණ පරම්පරාව හඬද බවත් පොදුවේ ලක්ෂ 220 ම හඬමින් ජීවත් වන බවත් ඔවුන්ට නොතේරීම පුදුමයක් බවත් ඒ මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *