27 April 2024
#දේශීය

ලබු ගිරවෙකු ළග තබාගත් අයෙකු දැලේ

ආරක්ෂිත පක්ෂින් ලෙස සැලකෙන ලබු ගිරවෙකු ලග තබා ගත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.

වනජිවි නිලධාරින්ට ලද තොරතුරු අනුව අංකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලිම් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් මෙසේ සතුන් පිඩාවට පත් වන ආකාරයෙන් සිටි බවද නිලධාරින් පවසයි.

සැකකරු මාතලේ මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි ආරක්ෂක පි.එම්.බි විජේකොන්, මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සදහා සහභාගි වුහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *