දකුණු කොරියාවේ බුසාන් රේගු දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර තැපැල් මාර්ගයෙන් අච්චාරු සහ ඇඹුල් සෝස් (fermented sauces) බෝතල් තුළ සඟවා හෂීස් (ග්‍රෑම් 85.25ක්) සහ ගංජා පේස්ට් (ග්‍රෑම් 30ක්) ඇතුළු කොරියානු වොන් මිලියන 13.23ක් වටිනා උසස් සාන්ද්‍රණ ගංජා තොගයක් මහා පරිමාණයෙන් බෙදාහැරීමට තැත්කළ 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වීසා කාලය ඉක්මවා (overstay) දකුණු කොරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි පුද්ගලයින් වන අතර, රේගු නිලධාරීන් විසින් ඩිජිටල් සාක්ෂි සහ ෆේස්බුක් පණිවිඩ පරීක්ෂා කර බුසාන් රේගු අංශ මඟින් ඔවුන් සාර්ථකව නීතියේ රැහැනට හසු කරගෙන ඇත.














