දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්රදේශය සඳහා නව අපජල පිරිපහදු පද්ධති දෙකක් ඉදිකිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට පවතින අපජල පිරිපහදු පද්ධතිවල ධාරිතාව ප්රමාණවත් නොවීම හේතුවෙන් මෙම නව පද්ධති ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එක් පද්ධතියකට දිනකට අපජල ඝන මීටර් 200 බැගින් පිරිපහදු කළ හැකි අතර, පද්ධති දෙකෙන් දිනකට ඝන මීටර් 400ක් පිරිපහදු කිරීමට හැකි වනු ඇත.
රුපියල් මිලියන 562.04ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම ව්යාපෘතියේ කොන්ත්රාත්තුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පිරිනැමීමට නියමිතය.
ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.














