ලොව සුපිරි ධනවත් ඉලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ගවේෂණ සමාගම වන SpaceX, සිය මංගල කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. මෙම කොටස් නිකුතුව හරහා සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.75ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ලොව විශාලතම ලැයිස්තුගත සමාගම් 10 අතරට එක්වීමට නියමිතය.
SpaceX සමාගම සතු රොකට් තාක්ෂණය, Starlink චන්ද්‍රිකා සේවාව සහ xAI කෘත්‍රිම බුද්ධි ව්‍යාපාරය මෙහි ප්‍රධාන වටිනාකම් ලෙස සැලකේ. මීට අමතරව අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය සහ ග්‍රහක කැණීම් (Asteroid Mining) වැනි අනාගතවාදී ව්‍යාපෘති ද ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, ඉරාන යුද අර්බුදය හමුවේ පවතින බලශක්ති හිඟය සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ මෙවැනි දැවැන්ත කොටස් නිකුතුවක් සිදු කිරීම අභියෝගාත්මක විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. SpaceX කොටස්වලින් 30%ක් සාමාන්‍ය ආයෝජකයන් (Retail Investors) වෙනුවෙන් වෙන් කිරීමට සැලසුම් කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.














