ලොව ප්‍රමුඛතම අර්ධ සන්නායක (Chip) නිෂ්පාදන සමාගම වන TSMC සමාගමේ රහස්‍ය තාක්ෂණික තොරතුරු සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් පිරිසකට තායිවාන අධිකරණයක් විසින් වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ජපානයේ Tokyo Electron සමාගමේ තායිවාන ශාඛාවට සම්බන්ධ මෙම පිරිසට එරෙහිව තායිවාන ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පවරා තිබූ අතර අදාළ සමාගමට තායිවාන ඩොලර් මිලියන 150ක දඩයක් ද නියම කර ඇත.
තායිවානයේ ප්‍රධානතම ජාතික තාක්ෂණික රහස් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම පෙළේ නඩු තීන්දුවක් ලෙස මෙය සැලකෙන අතර චිප් තාක්ෂණය සුරැකීම සඳහා තායිවානය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මෙමගින් යළිත් තහවුරු වෙයි. ගෝලීය තාක්ෂණික වෙළෙඳපොළ තුළ අතිශය වැදගත් වන මෙම රහස්‍ය තොරතුරු ආරක්ෂා කර ගැනීම තායිවානයේ ජාතික ආරක්ෂාවට ද සෘජුවම බලපාන කරුණකි.















