ස්පාඤ්ඤයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ පවතින දැඩි වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස, විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍යවරුන් විශාල පිරිසකගේ උපාධි සහතික පිළිගැනීමට (Validation) එරට රජය පියවර ගෙන තිබේ.
ස්පාඤ්ඤ රජය විසින් 2025 වසරේදී පමණක් විදේශීය විශ්වවිද්‍යාල උපාධි 65,319ක් පිළිගෙන ඇති අතර, එයින් සියයට 76.3ක්ම වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ උපාධි වේ. ඉන් වාර්තාගත වෛද්‍ය උපාධි සංඛ්‍යාව 30,303කි. මෙය ස්පාඤ්ඤයේ උපාධි සහතික පිළිගැනීමේ ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ. අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍ර දෙස බැලීමේදී හෙද උපාධි (8.1%), සෞඛ්‍ය මනෝවිද්‍යාඥ (3.1%) සහ භෞත චිකිත්සක (2.1%) ලෙස පිළිගැනීම් ලබා දී ඇත.
කෙසේ වෙතත්, වෘත්තිකයන් පෙන්වා දෙන්නේ ගැටලුව පවතින්නේ වෛද්‍යවරුන්ගේ හිඟය මත පමණක් නොව, ඔවුන්ගේ සේවා කොන්දේසි සහ නිසි සැලසුම්කරණයේ පවතින දුර්වලතා මත බවයි. ස්පාඤ්ඤයේ වයස්ගත ජනගහනය ඉහළ යාමත් සමඟ පොදු සෞඛ්‍ය සේවාව මත පැටවී ඇති පීඩනය සමනය කිරීමට මෙලෙස ජාත්‍යන්තරව පුහුණුව ලැබූ වෘත්තිකයන් බඳවා ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. විද්‍යා හා විශ්වවිද්‍යාල අමාත්‍ය ඩයනා මොරන්ට් (Diana Morant) පවසන්නේ සංක්‍රමණය යනු දැනුම සහ සමාජ පරිවර්තනය සඳහා වන ප්‍රධාන මෙවලමක් වන බැවින් මෙම පියවර ගත් බවයි.















