• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යවසායකත්වයේ නව මානයන් සොයා යන තාරුණ්‍යයේ චාරිකාව ඇරඹුණ වගයි SPARK 2023

14 July 2023
in ව්‍යාපාර

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්හට ස්වකීය කුසලතා වැඩිදියුණු කර ගනිමින්, ව්‍යවසායකත්ව ලෝකයට සාර්ථකව පිවිසීමට මනා මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු පෙරදැරි ව, ලංකා වාණිජ මණ්ඩලය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගීතාවයෙන්, SPARK තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය 2023 මැයි මස 31 වන දින සමාරම්භ කරන ලදී.

වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ නවෝත්පාදකයන්, නව නිර්මාණකරුවන් සහ චින්තකයන් සඳහා මෙම තරඟාවලිය විවෘත කරන ලදී.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින අවධියක, දේශයේ උන්නතිය උදෙසා තරුණ ප්‍රජාවගේ නව්‍ය අදහස් හා ව්‍යවසායක විසඳුම් ඉදිරිපත් කිරීමට අද්විතීය අවස්ථාවක් මෙමගින් සලසා දී තිබේ. තරුණ තරුණියන්හට ස්වකීය නවෝත්පාදන සංකල්ප තුළින් සාර්ථක ව, ඔවුනගේ ව්‍යවසායක චාරිකාව ආරම්භ කිරීමට අත්‍යාවශ්‍ය වන විශේෂඥ මඟපෙන්වීම, උපදේශනය, සහාය, පිළිගැනීම, සබඳතා හා සම්පත් දිනා ගැනීමට මෙම තරඟාවලිය තුළින් අවස්ථාව සැලසෙයි.

දැනටමත් මෙම තරඟය සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම අයදුම්පත්‍ර 400 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර, ඒ අතරින් දෙවන වටය සඳහා හොඳම තරඟකරුවන් 100 දෙනෙකු තේරීමේ කටයුතු මේ වන විටත් අවසන් ව ඇත. මෙසේ තෝරාගනු ලබන තරුණ තරුණියන් සඳහා, ප්‍රවීණ ව්‍යවසායකත්ව උපදේශකයන් වෙතින් මාර්ගගත අධ්‍යයන සැසි, නේවාසික පුහුණු වැඩමුළු ඇතුළු වැඩසටහන් මගින්, සිය ව්‍යවසායකත්ව නිපුණතා මෙන්ම සන්නිවේදන හා නායකත්ව කුසලතා හා පෞරුෂ වර්ධන අවස්ථාවන් උදා කර ගැනීමට ද, එමගින් තම ව්‍යවසායකත්ව චාරිකාව වඩාත් සාර්ථකව හා විශ්වාසනීයත්වයෙන් යුතුව ආරම්භ කිරීමට හැකියාව වර්ධනය වීම ද සිදුවනු ඇත. තවද, අගෝස්තු මස පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය ලබා ගන්නා තරඟකරුවනට වටිනා සම්මාන, ත්‍යාග, සහතික සමගින් අධ්‍යාපනික විදේශ සංචාර දිනා ගැනීමට ද අවස්ථාව හිමි වේ.

SPARK 2023 තරඟාවලිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සංවිධානය කරනු ලබන, “දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව” (South Asia Leadership in Entrepreneurship) වැඩසටහනෙහි ප්‍රමුඛතම පියවරක් වන අතර, මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරී හවුල්කාරිත්වය ලංකා වාණිජ මණ්ඩලය වෙතින් ද, මූල්‍යමය දායකත්වය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද සපයනු ලැබේ. ව්‍යවසායකත්ව දැනුම, නිපුණතා හා ආකල්ප වර්ධනය කිරීමෙන්, තමන්ට වඩාත් ගැලපෙන වෘත්තීය මාවතක් ලෙස ව්‍යවසායකත්වය හඳුනාගැනීමට තරුණ ප්‍රජාව දිරිමත් කිරීම සහ උචිත ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම මගින්, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරිම ද, එමගින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා තරුණ ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය වර්ධනය කිරීම ද මෙම වැඩසටහනෙහි අරමුණු වේ.

 

 

පිටපත – PR

Post Views: 18
Previous Post

රට නැවත වතාවක් හරි තැනට ගෙන්න නිදහස් පක්ෂයේ වගකීමක් බව මන්ත්‍රී දුමින්ද කියයි

Next Post

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති

editor

editor

Next Post

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved