ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බලා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව කථානායකවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිදු බාධාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ නිල කටයුතු ආරම්භ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල නිවේදනය සභාවට ඉදිරිපත් කරමිනි.














