කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා අද (16) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට ආණ්ඩු පක්ෂය යෝජනා කර තිබුණද, යෝජනාවේ කරුණු 50ක් ඇතුළත් බැවින් ඒ සඳහා එක් දිනයක් ප්රමාණවත් නොවන බව විපක්ෂ නියෝජිතයන් පෙන්වා දී තිබේ.
එමෙන්ම, විශ්වාසභංග යෝජනාවේ කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික ගැටලු කිහිපයක් පවතින බැවින් නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බව ආණ්ඩු පක්ෂය ප්රකාශ කර ඇත.
ඒ අනුව, නීතිපති උපදෙස් ලැබීමෙන් පසුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කිරීමට නියමිත බව අද දෙරණ වාර්තා කරයි.
















