• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

5 October 2020
in ව්‍යාපාර

මෙරට කොවිඩ් මර්දන සටනේ ඉදිරියෙන්ම රැඳීසිටිමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සිමෙන්ති සන්නාමය වන INSEE පසුගියදා පියවර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ INSEE සමාගම අතර අත්සන් කෙරුණු මෙම ගිවිසුම හරහා, ඕනෑම යුද හමුදා සාමාජිකයෙකුට INSEE සංස්ථා සිමෙන්ති මිලදී ගැනීමේදී සුවිශේෂී සහන මිලක් හිමි වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී පැවැති මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක සහ INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් (විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන) යන මහත්වරු එක්ව සිටියහ.

“සහන සේවා පිරිනැමීමේ සිට, කොවිඩ් ආසාදිතයින් සොයා විමර්ශන කරමින් හා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා යුද හමුදාව, දේශීය කොවිඩ් මර්දන සටන සඳහා අනුපමේය දායකත්වයක් ලබාදී තිබෙනවා. එවන් මොහොතක යුද හමුදා සුබසාධක අංශය හා එක්ව සැමදෙනාගේ ආදරය දිනාගත් ‘සංස්ථා’ සිමෙන්ති නිෂ්පාදන සහන මිලක් යටතේ හමුදා සාමාජිකයින්ට ලබාදීමට අවස්ථාව උදාවීම අපටත් විශාල ගෞරවයක්. රට නැවත ගොඩනැංවීමේ කර්තව්‍යයේදී වගකිව යුතු පුරවැසියෙකු ලෙස අඛණ්ඩව අපගේ දායකත්වය ලබාදීමටත් අපි කැපවී සිටිනවා” යනුවෙන් යාන් කුනික් මහතා පැවසීය.

මෙම නව ගිවිසුමට අනුව පනාගොඩ, අනුරාධපුර, පල්ලේකැලේ, මින්නේරිය, බූස්ස, අම්පාර, දියතලාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හමුදා මූලස්ථානවල පිහිටි හමුදා සුබසාධක වෙළෙඳසැල් හරහා සහන මිල ගණන් යටතේ INSEE සංස්ථා සිමෙන්ති මිලදීගැනීමේ අවස්ථාව හමුදා සාමාජිකයින්ට හිමි වේ.

වසංගත තත්ත්වයේ වැඩිම බලපෑමක් පැවැති පසුගිය කාලයේදී, කොවිඩ් මර්දනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ කාර්යභාරයට සහයෝගය දක්වමින් යුද හමුදාව වෙත මුහුණු ආවරණ සහ මුඛ ආවරණ පිරිනැමීමට ද INSEE සමාගම පියවර ගෙන තිබුණි.

 

Post Views: 15
Previous Post

සමාජය තුළ කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය පාලනය කලයුතුයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

editor

editor

Next Post

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved