• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

28 February 2020
in ක්‍රීඩා

සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

මේ බව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇත.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පසුගියදා  එම ක්‍රීඩාංගනයේ දී පවත්වන ලද බවත්  මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත්  අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර  ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද තමා වෙත පුද්ගලිකව ම  කතා කළ බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් ලබාදුන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා,  මෙම සිදුවීම සම්බන්ධ ව වහාම පරීක්ෂා කර බලා  අදාළ වාර්තාව අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ ගරු අගමැතිතුමන් වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බව ද, මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද  අමාත්‍යවරයා මෙම නිවේදනයේ සඳහන් කර ඇත.

Post Views: 536
Previous Post

උපාධිධාරීන්ට රැකියා : පත්වීම් අද සිට තැපෑලට !

Next Post

උණුසුම් කාලගුණයට මුහුණ දීම !

editor

editor

Next Post

උණුසුම් කාලගුණයට මුහුණ දීම !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved