විවිධ හේතූන් මත ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති නිවාස ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම සඳහා 2027 අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ බව සාකච්ඡා කෙරිණි. පසුගිය කාලසීමාවන්හි සහ පෙර රජයන් යටතේ ආරම්භ කර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.














