සබරගමුව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මොහාන් එල්ලාවල මහතාගේ පුත්‍රයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අද (30) එක්විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා සහ බලංගොඩ ආසන සංවිධායක ලෙස පත්වීම් ලබා ගෙන ඇත.














