විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් බොහෝ දුරට ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය පසුගිය සතියේදී අවසන් කෙරුණු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දිය යුතුය. පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර, අදාළ තීන්දුව කතානායකවරයාට ලැබීමෙන් පසු එය අඟහරුවාදා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වා වැඩි කිරීමට මෙම පනත් කෙටුම්පතින් ප්‍රතිපාදන සලසා ඇති අතර, මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතාද මතුව තිබේ.














