කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සේවකයින් 850 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්රදානය කිරීම ගන්නෝරුවේදී සිදුකර තිබේ.
වසර ගණනාවක් කොන්ත්රාත් පදනම මත සේවය කළ සේවකයින් 690 දෙනෙකුට සහ ද්විතීයික මට්ටමේ තනතුරු දැරූ සේවකයින් 160 දෙනෙකුට මෙලෙස ස්ථිර පත්වීම් පිරිනමා ඇත.
තාක්ෂණික නිලධාරීන්, ගොවිපළ ලිපිකරුවන්, බීජ කාර්මිකයන් සහ නේවාසිකාගාර පාලකයන් ඇතුළු තනතුරු සඳහා මෙම පත්වීම් ලබාදී තිබේ.
අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා විසින් පත්වීම් ලිපි ප්රදානය කර ඇත.
වසර 15ත් 20ත් අතර දීර්ඝ කාලයක් සේවය කළද ස්ථිර පත්වීම් නොලැබ සිටි සේවක සේවිකාවන් පිරිසකට ද මෙම වැඩසටහන යටතේ ස්ථිර පත්වීම් හිමිව තිබේ.
















