මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවයෙන් 50%ක ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කර ගැනීම සඳහා වන විශේෂ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000ක් පමණ වන අතර, එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් මෙම ඉලක්කය සපුරා ගැනීම ප්‍රධාන අරමුණ වී තිබේ. නිෂ්පාදන වියදම ඉහළ යාම සහ ආනයනික ලූණු හේතුවෙන් ගොවීන් වගාවෙන් ඉවත් වීම පාලනය කිරීම සඳහා නව තාක්ෂණය භාවිතයෙන් අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇත.














