එල් නිනෝ (El Niño) කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ දැඩි නියඟය නිසා වගා හානිවලට මුහුණ දුන් ගොවි ජනතාවට වන්දි මුදල් ලබා දීම සඳහා රුපියල් මිලියන 3,000ක (රුපියල් බිලියන 3ක) ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ, මේ වන විටත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් නියඟයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වෙත ගොස් වගා හානි තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. කාලගුණික විපර්යාස හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත් වූ ගොවීන්ට මෙමඟින් යම් අස්වැසිල්ලක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















