කිසිදු බාහිර ණය ලබාගැනීමකින් තොරව, ආපදා සහන සහ ආර්ථික කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 600ක මුදලක් වෙන් කිරීමට රජය සමත්ව ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. රජයේ ශක්තිමත් මුදල් ශේෂය (Cash Buffer) හේතුවෙන් වියදම් කප්පාදු නොකර මෙම සහන වෙන් කර ඇත. මින් බිලියන 500ක් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව, නිවාස, වගා සහ ව්‍යාපාර නඟාසිටුවීමටත්, ඉතිරි බිලියන 100 මැදපෙරදිග අර්බුදයෙන් බලපෑමට ලක්වූවන් වෙනුවෙන් සහන පැකේජයක් ලෙසත් වෙන් කර තිබේ.
2021 ආර්ථික අර්බුදයෙන් පසු පළමු කාර්තුවක වාර්තා වූ ඉහළම ආර්ථික වර්ධන වේගය සනිටුහන් කරමින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකාව 5.1%ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය යූ.ඩී. නිශාන්ත පතිරණ ප්‍රකාශ කළේ දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු යන ආයතන ත්‍රිත්වයම ජූනි මාසය වන විට සිය ආදායම් ඉලක්ක අභිබවා ගොස් ඇති බවයි. රජයේ මධ්‍යකාලීන ඉලක්කය ආර්ථික වර්ධනය 7% – 10% දක්වා ඉහළ නැංවීම වන අතර සහන ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ඩිජිටල්කරණය කරන බව ද ඔහු පැවසීය.
















