• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා බංග්ලාදේශ එකඟත්වය

11 January 2021
in දේශීය

බංග්ලාදේශ් මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. Ariful Islam) අද (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සබඳතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව පැවසීය.

ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සාමුද්‍රීය සහයෝගීතා වර්ධනයට විශාල ඉඩ කඩක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තම රට ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි නව මහකොමසාරිස්වරයා පැවසිය.

කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ වෙළෙඳාම සබඳතා ප්‍රසාරණය කළ හැකි සෙසු ක්ෂේත්‍ර ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීය. විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවකැයි හෙතෙම සඳහන් කළේය.

ශ්‍රි ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව පැවසීය.

2018න් පසු ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැතැයි සඳහන් කළ අරිෆුල් ඉස්ලම් මහතා නිල චාරිකාවක් සඳහා සිය රටට එන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතාට කළින් කර තිබූ ආරාධනය යළි සිහිපත් කළේය.

රාජ්‍ය නායක මට්ටමේ සබඳතාවන්හි අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බව කීය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද කථා බහට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා බව මහ ලේකම්වරයා කියයි

Next Post

කැබිනට් සංශෝධනය ගැන ජනපතිගෙන් අහන්න – ඇමැති ගම්මන්පිල

editor

editor

Next Post

කැබිනට් සංශෝධනය ගැන ජනපතිගෙන් අහන්න - ඇමැති ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved