• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උරුමයට ජීවයක් යටතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000ක් සංරක්ෂණයට පියවර!

26 August 2026
in දේශීය, පුවත්
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ “උරුමයට ජීවයක්” වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙම වසර තුළ පමණක් ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු සිදුකරන බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අනුරාධපුර ඉපලෝගම, මානෑව කන්ද පුරාවිද්‍යා භූමියේ දී පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී පැවසී ය.
ශ්‍රී ලංකාවේ ඉහළ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුතු රිටිගල, මානෑව කන්ද, අරන්කැලේ සහ මාලිගාතැන්න යන බෞද්ධ භාවනාරාම හතර යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා වන මූලික පියවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට ආරම්භ කර ඇත. එම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවලට අනුව මෙම ස්ථාන දැනටමත් තාවකාලික ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, නිසි ඇගයීම් ක්‍රමවේදයන් අවසන් කර මෙම ස්ථාන ලෝක උරුම ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂිතය.
මෙම වැඩසටහන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක මහතා සඳහන් කළේ මෙම ස්ථාන පිළිබඳ මූලික ඇගයීම් වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට භාර දීමට කටයුතු යොදා ඇති බවයි. යුනෙස්කෝ ලෝක උරුම කමිටුව සමග සමස්ත සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ බෞද්ධ භාවනාරාම පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනි. ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි මෙවැනි සුවිශේෂී භාවනාරාම ලෝක උරුම බවට පත්වීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන ජාත්‍යන්තර අවධානය තවත් ඉහළ යනු ඇත.
මේ වනවිට අනුරාධපුර පූජා නගරය, පොලොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය, මහනුවර පූජා නගරය ගාලු කොටුව ඇතුළත් පැරණි ගාලු නගරය, රන්ගිරි දඹුලු රාජමහා විහාරය යන ස්ථාන සංස්කෘතික ලෝක උරුම ලෙසත්, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය හා සිංහරාජ වනාන්තරය යන ස්ථාන ස්වාභාවික ලෝක උරුම ලෙසත් යුනෙස්කෝව මගින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාන 08ක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙම අවස්ථාවට හබිඩියාගම, උපුල්වැහැර ඇතුළු විහාරස්ථානවල නායක හිමිපාණන් වහන්සේලා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ, ලෝක උරුම කමිටුවේ උපදේශක ආචාර්ය ගාමිණී විජේසූරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමී රත්නායක, අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සංරක්ෂණ අංශ ප්‍රධානී නිරූපා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 15
Previous Post

ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්

Next Post

මත්තල, කඩවත, මීරිගම සහ යග්ගපිටිය අධිවේගී පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්…

Editor TTV News

Editor TTV News

Next Post
මත්තල, කඩවත, මීරිගම සහ යග්ගපිටිය අධිවේගී පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්…

මත්තල, කඩවත, මීරිගම සහ යග්ගපිටිය අධිවේගී පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක  මහල් සංකීර්ණයක්

රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක මහල් සංකීර්ණයක්

20 October 2026
සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

20 October 2026
මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

20 October 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved