සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (31) දින එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
2024 දෙසැම්බර් 30 වන දින මෙරට 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ඒ මහතා, කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1989 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකායට කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වෙමින් සිය හමුදා ජීවිතය ආරම්භ කළ ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට නව හමුදාපතිවරයෙකු පත් කිරීමට නියමිතව ඇත.














