ශ්‍රී ලංකාව තුළ කිසිදු වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට මෙරට තුළ සිට පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අගෝස්තු 06 වන දින පියවර ගෙන තිබේ.
2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
අදාළ පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ බලපත්‍ර ලබාගැනීමකින් තොරව අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම 44 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි. මේ යටතේ සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, නීතිවිරෝධී ඔන්ලයින් සූදු වේදිකාවන්හි නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. මීට පෙර අගෝස්තු 05 වන දිනද එවැනිම වෙබ් අඩවි 24ක් අවහිර කිරීමට කටයුතු කර තිබුණි.
තහනම් කරන ලද ප්‍රධාන පෙළේ වෙබ් අඩවි කිහිපයක්:
















