චීනයේ සාන්‍යා (Sanya) නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට නව ජයග්‍රහණයක් හිමිව තිබේ. එහිදී පිරිමි මීටර් 4×60 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මලිත් තරුෂාන්, සඳුන් දියලවත්ත, මනූජ ප්‍රභාෂ් සහ මලිත් තමෙල් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම මෙම ජයග්‍රහණය සඳහා තත්පර 27.57ක කාලයක් වාර්තා කළේය. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මෙම ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට ශ්‍රී ලංකාවේ නාමය එක් කිරීමට මෙම ක්‍රීඩක පිරිස සමත්ව ඇත.
















