බදුල්ල කළුපහන ශ්‍රී වීර බෝධි රුක්කාරාමය සහ උඩ කණුගල ශ්‍රී නන්දාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති මෙන්ම, ‘ගොවිකිරණ’ මාසික පුවත්පත් සඟරාවේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූ ආචාර්ය පූජ්‍ය කන්දකැටියේ සුමන රතන මාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.
සමාජයට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (17) පස්වරුවේ අවිස්සාවේල්ල, අමිතිරිගල නන්දාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය.
උන්වහන්සේගේ අපවත්වීම ශාසනයට සහ සමාජයට සිදු වූ විශාල පාඩුවකි. උන්වහන්සේගේ ආත්මයට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය ප්‍රාර්ථනා කරමු.
















