පාරිභෝගික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින්, දියර කිරි නිෂ්පාදන සඳහා නව ආරක්ෂක ප්‍රමිතීන් හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පියවර ගෙන තිබේ.
කිරි නිෂ්පාදනවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සඳහා මෙහිදී දැඩි සීමාවන් පනවා ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 98 දරන නියෝගයට අනුව, ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සැකසූ දියර කිරි නිෂ්පාදන සඳහා මෙම නව ප්‍රමිතීන් අනිවාර්ය කර තිබේ.














