2026 වර්ෂය සඳහා හෙද විදුහල්වලට අභ්‍යාසලාභීන් 3,000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත. මේ සඳහා අවශ්‍ය මාර්ගගත අයදුම් කිරීමේ සබැඳිය සහ අදාළ විස්තර ඇතුළත් 2026 මැයි 29 දිනැති ගැසට් පත්‍රය ඊයේ (ජූනි 01) රාත්‍රියේ සිට www.health.gov.lk
වෙබ් අඩවියේ පළ කර ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්තකුමාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
2021, 2022, 2023 සහ 2024 යන වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂයන් හදාරා, අදාළ ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමට අවස්ථාව පවතී.
















