රුපියලේ උච්චාවචනයන් සහ මැදපෙරදිග අර්බුදයේ අභියෝග මැද ශ්රී ලංකා මහ බැංකුව විසින් පෙර නොවූ විරූ පරිදි ඩොලර් සංචිත රැස් කරගැනීමට සමත්ව තිබේ. 2026 අගෝස්තු මස තුළ පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් මිලදී ගෙන ඇති අතර, එය 2025 ජනවාරියෙන් පසු වාර්තා වූ විශාලතම මාසික විදේශ මුදල් මිලදී ගැනීම ලෙස සැලකේ. ඒ අනුව, 2026 වසරේ පළමු මාස අට ඇතුළත ශුද්ධ ඩොලර් මිලදී ගැනීම් බිලියන 1.48 ඉක්මවා ගොස් ඇති බවත්, මෙම තත්ත්වය මඟින් මෙරට ආර්ථිකය පෙර මුහුණ දුන් විදේශ විනිමය අර්බුදයෙන් ක්රමානුකූලව මිදී ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
















