ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් බැංකු පනත යටතේ තහනම් කරන ලද පිරමිඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති සමාගම් සහ ජංගම යෙදුම් කිහිපයක් සම්බන්ධයෙන් මහජනතාවට දැඩි අවවාදයක් නිකුත් කර තිබේ.
මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනවලදී ‘TM App’ ඇතුළු සමාගම් සහ යෙදුම් රැසක් නීතිවිරෝධී පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට අනාවරණය වී ඇති අතර, ‘Tiens Lanka’, ‘Best Life’, ‘OnmaxDT’ සහ ‘MTFE’ වැනි පුළුල් ලෙස කතාබහට ලක් වූ ආයතන රැසක් ද එම ලැයිස්ඩයට ඇතුළත් වේ. සාමාජිකයන් බඳවා ගැනීම මත පමණක් ලාභ ලබන සහ යථාර්ථවාදී නොවන ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වන මෙවැනි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, මුදල් ආයෝජනය කිරීමට පෙර ඒවායේ නීත්‍යානුකූලභාවය තහවුරු කරගන්නා ලෙසත් මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.













