වාහන ආනයන සීමා ඉවත් කරමින් ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ යළි විවෘත වීමත් සමඟ, ලංකා වාණිජ මණ්ඩලය (CCC) වසර හයක විරාමයකින් පසු සිය මෝටර් රථ කර්මාන්ත වාර්තාව (Motor Vehicle Industry Report) යළි එළිදක්වා තිබේ.
2025/26 මෝටර් රථ කර්මාන්ත වාර්තාව මඟින් මෙරට ආර්ථිකයට අදාළ දායකත්වය, ප්‍රතිපත්ති සංවර්ධනය, වාහන ආනයන සහ ලියාපදිංචි කිරීම්, හිමිකාරීත්ව ප්‍රවණතා, ගෝලීය මෝටර් රථ සංවර්ධනයන් සහ කර්මාන්තය තුළ කෘත්‍රිම බුද්ධියේ (AI) වැඩෙන කාර්යභාරය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයනු ලබන අතර, එය ආනයනකරුවන්, එකලස් කරන්නන්, මූල්‍ය ආයතන, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඉලක්ක කර ගනිමින් සකසා ඇත.













