ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත අක්ෂි අනතුරුවලින් 5%ත් 10%ත් අතර ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජයසිරි ඩයස් මහතා පවසයි. ජාතික රෝහල වෙතද දෛනිකව මෙවැනි රෝගීන් දෙතුන් දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේය.
මෙම අනතුරුවලට බහුලවම ගොදුරු වන්නේ තරුණ ප්‍රජාව සහ කුඩා දරුවන් වන අතර, ඇසිඩ් වර්ගවලට වඩා හුණු වැනි භෂ්ම (ඇල්කලි) වර්ග ඇසට ඇතුළු වීම ඉතාමත් භයානක බව වෛද්‍යවරයා අවධාරණය කරයි. හුණු ඇසට ඇතුළු වූ පසු පටක කා දමමින් ඇස අභ්‍යන්තරයටම ගමන් කර දැඩි විනාශයක් සිදු කරන බැවින්, රසායනික ද්‍රව්‍ය භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි. ජූලි 6 සිට 10 දක්වා පැවැත්වෙන 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙන් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
















