ළමයින් සේවයේ යෙදවීම සඳහා නියම කෙරෙන උපරිම දඩ මුදම රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා දස ගුණයකින් ඉහළ නැංවීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා එළැඹෙන බ්‍රහස්පතින්දා (අගෝස්තු 20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. කථානායක විශේෂඥ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ව්‍යාපාර කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, කාන්තා, තරුණ හා ළමා සේවක (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් සේවයේ යොදවන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 100,000 ක උපරිම දඩ මුදලක්, මාස 12 ක් දක්වා සිරදඬුවම් ලබා දීමට හෝ එම දඬුවම් දෙකම ලබා දීමට අධිකරණයට බලය පැවරේ.














