ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනය වන ඊඩෙක්ස් (EDEX) ආයතනය, අධ්‍යාපනය සඳහා ක්‍රීඩාව (Sports for Education) ක්ෂේත්‍රයට පිවිසෙමින් ‘EduSport’ නමින් නව සුවිශේෂී වැඩසටහනක් එළිදක්වා තිබේ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය (CFSL) සමඟ ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවක් මත පදනම්ව, ‘අධ්‍යාපනය තුළ චෙස්’ (Chess in Education) ප්‍රධාන පෙළේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහි මංගල එළිදැක්වීම 2026 සැප්තැම්බර් 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන ඊඩෙක්ස් මධ්‍යම වාර්ෂික ප්‍රදර්ශනයට සමාන්තරව සිදු කෙරේ.
සිසුන්ගේ විචාරණ බුද්ධිය, නිර්මාණශීලීත්වය සහ ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය හරහා දිවයින පුරා පාසල් සිසුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පුහුණුවීම් ලබා ගැනීමට සහ උපායමාර්ගික ක්‍රීඩා හරහා අධ්‍යාපන කුසලතා වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදා වේ.














