ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන් තරුණ සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති අතර, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
ලබන වසරේදී තවත් මකර බෝට්ටු දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට හැකි බවද චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම සහ දෙරටේ තරුණයන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර ඇත.
2026 අගෝස්තු මාසයේදී Wei Huaxiang මහතා ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.













