“ශ්රී ලංකා ක්රිකට්” නම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121(1) ව්යවස්ථාව අනුව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම, “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තවත් පෙත්සම් 11ක පිටපත් ද, “ආගමන” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක පිටපතක් ද තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.













