අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල කාසල් හිල් වත්ත මාර්ගයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රී පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ නරාවල ප්‍රදේශයේම පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කැබ් රථය කන්දක සිට පසුපසට ධාවනය වූ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි මොහු එහි ගැටී ඇති බවයි. අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 27 හැවිරිදි තරුණයා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.















