රජය ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් මුදාහැරීම, ආනයන කටයුතු සඳහා මුදල් ගෙවීම සහ නෞකා ගාස්තු අයකිරීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් අද (30) සිට ඩිජිටල්කරණයට ලක් කළ බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමවේදය හරහා මීට පෙර දින කිහිපයක් පුරා භෞතිකව සිදු කළ ලියකියවිලි කටයුතු, නාවික සමාගම්වලට සිය කාර්යාලයේ සිටම විනාඩි කිහිපයකින් නිම කිරීමට අවස්ථාව සැලසේ. නිලධාරීන්ට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඇති ඉඩකඩ මින් ඇහිරෙන අතර, අල්ලස සහ දූෂණය අවම කරමින් විනිවිදභාවයකින් යුත් කාර්යක්ෂම සේවාවක් වෙළෙඳ ප්‍රජාවට ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.














