2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ඔක්තෝබර් 13 වනදා වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් උපයා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව තිබේ.
2025 වසර සඳහා රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් වූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කර තිබුණේ එම වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ අනුව, 2026 වසරේදී ඊටත් වඩා ඉහළ ආදායමක් කඩිනමින් උපයා ගැනීමට රේගුවට හැකිව තිබේ.
මෙම ජයග්රහණයට දායක වූ සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට රජයේ විශේෂ ස්තූතිය පිරිනමා ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවකදීය. එම අවස්ථාවට කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා ද සහභාගී වී තිබේ.
එමෙන්ම, රේගු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා සහකාර රේගු අධිකාරී තනතුරු 200ක්, රේගු පරීක්ෂක තනතුරු 121ක් සහ රේගු නියාමක තනතුරු 51ක් සඳහා බඳවා ගැනීමට අවසර ලැබී ඇති බවද එහිදී ප්රකාශ කර ඇත.
















