ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ළමයින්, වැඩිහිටියන් සහ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන් වැඩි වශයෙන් යොදාගැනීමේ නව ප්‍රවණතාවක් ශ්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කරගෙන තිබේ.
නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ඇස් වසා පහසුවෙන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන යා හැකි යැයි සිතමින් ජාවාරම්කරුවන් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නුවන් අබේනායක මහතා පවසයි. කෙසේ වෙතත්, ගුවන්තොටුපළේ ක්‍රියාත්මක නව විමර්ශන ක්‍රමවේද හරහා එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට රේගුව සමත්වී ඇත.
මෑතකදී අප්‍රිකානු රටවල සිට පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති අතර, ඒ අතර HIV ආසාදිත 79 හැදි අංගෝලා ජාතික කාන්තාවක්ද වන බව ඔහු සඳහන් කළේය. මෙරට පුරවැසියන් මෙලෙස ජාවාරම් සඳහා යොදාගෙන ඇති බවට තවමත් වාර්තා වී නොමැති අතර, ආනයනික මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා රේගු නිරීක්ෂණ කටයුතු තවදුරටත් දැඩි කර ඇත.














