අන්තර්ජාලය ඔස්සේ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 426,300ක මුදලක් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් 2026 ජූනි 08 වන දින සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. වංචා කරන ලද මුදල්වලින් රුපියල් 186,500ක මුදලක් ඇයගේ ගිණුමට බැර කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකාරිය උඩුතුම්පල, තම්පහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















