අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා වන කාලය තුළ දිවයිනේ දෛනික විදුලි ඉල්ලුමෙහි යම් අඩුවීමක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, අගෝස්තු 31 වැනිදා මෙගාවොට් 2,947ක් ලෙස පැවති දෛනික විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 01 වන දින මෙගාවොට් 2,936ක් දක්වා පහත වැටී ඇත. එසේම, සැප්තැම්බර් 02 වන දින එම අගය මෙගාවොට් 2,934ක් ලෙසත්, සැප්තැම්බර් 03 වන දින මෙගාවොට් 2,920ක් ලෙසත් ක්රමයෙන් අඩුවී තිබේ.
මේ අතර, දෛනික විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දැක්වෙන දත්තවලට අනුව, අගෝස්තු 31 වැනිදා ගිගාවොට් පැය 57.24ක් ලෙස තිබූ විදුලි උත්පාදනය, සැප්තැම්බර් 01 වන දින ගිගාවොට් පැය 58.37ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, සැප්තැම්බර් 02 සහ 03 යන දිනවල එම අගයන් පිළිවෙළින් ගිගාවොට් පැය 58.34ක් සහ 58.08ක් ලෙස සටහන් වී තිබේ.














