වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 72ක් වාර්තා වී තිබේ.
අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේදී රෝගීන් 29,962ක් සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇත. සමස්ත රෝගීන්ගෙන් 52.92ක් (රෝගීන් 50,167ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (20,207ක්) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් (18,794ක්) වාර්තා වේ. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.














