ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ (2026) මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක් දක්වා ඉහළ ගොස් තිබේ.:
ජූලි 23 වන දින මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වූ දත්තවලට අනුව, මේ වසරේ ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 24,739ක් වාර්තා වී ඇති අතර, එය 2026 වසරේ මේ දක්වා මාසිකව වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව වේ. (මෙහි ජූනි මාසයේ රෝගීන් 21,534ක් සහ මැයි මාසයේ රෝගීන් 8,590ක් ලෙස වාර්තා විය.)
මෙම වසරේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 59කි.
සමස්ත රෝගීන්ගෙන් 52.94%ක් හෙවත් රෝගීන් 42,414ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි. දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (16,950ක්) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,021ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මාතර, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මදුරු බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, නිවාස පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.














