මෙම වසරේ මෙරට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය බවට ජූලි මාසය පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වාර්තාවන්ට අනුව, ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 29,980ක් හමුවී ඇති අතර, මෙම වසරේ ගෙවී ගිය මාස හත තුළ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000කි. අගෝස්තු මාසයේදී ඩෙංගු ව්‍යාප්තිය අඩුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අපේක්ෂා කළද, ගෙවී ගිය දින දෙක තුළද යම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.














