2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,027ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 74ක් සිදුව ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් (51,180ක්) වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ගම්පහින් රෝගීන් 20,622ක් සහ කොළඹින් රෝගීන් 19,168ක් ලෙස වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.














