මෙරට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝගය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 35කි.
පසුගිය පැය 24ක කාලය තුළ පමණක් මෙරටින් නව ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වී තිබීම ව්‍යාප්තියේ බරපතළකම තවදුරටත් තහවුරු කරයි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට සහ උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි.














